
Microsoft ආයතනය හඳුන්වා දුන් නවතම වින්ඩෝස් සංස්කරණය වන්නේ windows 7 ය. තවමත් windows 7 ආරම්භයේ පවතී. මන්ද එය නිකුත් වී තවමත් වැඩි කලක් නොගොස් ඇති බැවින් හා මෙහි ඇති විවිධ කුඩා දෝෂ සඳහා තවමත් ඔවුන් පිළියම් යොදමින් සිටී මෙවන් තත්වයක් තුළ windows 8 පිළිබඳව ඔබට සිතිය හැකිද?. නැත. නමුත් windows 7 නිකුත් වන්නටත් පෙර සිටම windows 8 සැකසීමට ආරම්භ කළේ මෘදුකාංග ඉන්ජිනේරුවන් දෙපිරිසක් මෙම පාලන පද්ධති දෙක නිපදවීම වෙන වෙනම සිදුකරන බැවිනි.
බොහෝ පරිගණක විද්‍යාඥයින්ගේ මතයන්ට අනුව බෝහෝ දෙනා පැවසුවේ Microsoft ආයතනය නිපදවන අවසාන පාළක පද්ධතිය මෙය බවත් ඉන්පසු ඔවුන් Cloud Computing තාක්ෂණය මත සිට WeboOS එකක් නිපදවීමට ආරම්භ කරනු ඇති බවයි. නමුත් Microsoft ආයතනය පවසන පරිදි Windows 8 එකක් ඔවුන් 2012 වන විට නිකුත් කරන බවත් එහි ප්‍රධාන වෙනස්කම් රාශියක් සිදුවන බවත් ය. එසේම දැනට Windows 7 නිකුත්ව ඇත්තේ 32bit හා 64bit ප්‍රොසෙසරවලට පමණක් වන නමුත් Windows 8 ඉදිරියේදී නිකුත් වීමට නියමිතව ඇති 128bit ප්‍රොසෙසර සඳහා ද ගැළපෙන අයුරින් සකස් වන බවද, ඔවුන් පකසයි. මෙහි අලුත්ම තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
පහළ ඇති වීඩියෝවෙන් Windows 8 හි අතුරු මුහුනතක් දැකගත හැකි ය.
Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......