ලොව ප්‍රකට සමාජ සමීක්ෂණ ආයතන බොහේමයක් විසින් පෙන්වා ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම දැන් උන්මාදයක් බවට පත්ව ඇති බවයි.
Oxyge

මෙසේ ෆේස්බුක් වෙත ඇබ්බැහි වීම මානසික රෝගයක් දැයි, නිශ්චිතව තීන්දු කොට නැති නමුත් බොහෝ දැන උගත් අය සැකකරන්නේ මෙය උක්මාදනීය රෝගයක් කියා ය. කෙසේ නමුත් "ෆේස්බුක් ඇඩික්ෂන් ඩිසෝඩර් (FAD-Facebook Addiction Disorder)" කියා විද්‍යාත්මක ඌරුව ගත් නමකින්ද පටබැඳ හමාරය. ඊට ගොදුරුව ඇත්තේ කාන්තාවන් පමණක් නොව සියලු වයස් කාණ්ඩවල අය මේ අතර සිටී.
අද වනවිට මෙහි යන එන සෙනඟ කෝටි 55 (මිලියන 550) ඉක්මවා ඇත. මෙම සෙනඟ කන්දරාව දිනපතා වැඩි වෙමින් පවතී. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ 2012 වසර අවසන් වනවිට කෝටි 100ක් හෙවත් බිලියනයක් වනු ඇති බවයි.
ෆේස්බුක් එකවුන්ට් තිබෙන කෝටි 55 කෝටි 30ක්ම නිතර ෆේස්බුක් එන්නෝ වෙති. එහිවිත් පැයක් පමණ ෆේස්බුක් සමඟ කටයුතු කිරීම ඇබ්බැහියක් කියා කිසිවෙක් හඳුන්වන්නේ නැත. නමුත් එම කාලය ගතකරන ආකාරය අනුව එය ඇබ්බැහියක් ද, නැද්ද, කියා පොදුවේ තීරණය වනබව පළිගනේ. සිය රැකියවට වැය කළ යුතු කාලය හෝ දවසේ කළ යුතු වැඩ සියල්ල, පොදිය පිටින් පැත්තකට තල්ලු කොට පැයකට අඩු කාලයක් ෆේස්බුක් සමඟ ඇලී ගැලී සිටිය ද, එයත් ඇබ්බැහි බව පෙන්වන්නකි.
සෝෂල් නෙට්වර්කින් හොඳය. එහෙත් හැම වැඩකටම වඩා නොවේ. එය ජීවිතයේ විනෝදාංශ අතරින් එකක් සේ සළකා වැඩ කරන්නට පුරුදු වුණොත් ෆේස්බුක් ව්‍යාධියකට මඟ පාදන්නේ නැති හොඳ සමාජ මෙවලමක් වෙයි.
Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......