Free ඇන්ටි වයිරස්

බොහෝ දෙනෙක් කැමති හැමදේම (ඕනම ජරාවක්) නොමිලේ ලබා ගන්නටයි. හැබැයි ඉතින් මම නම් කාටවත් ජරාව දෙන්නෙ නෑ. මෙන්න මම ගෙනාව නො:1 free ඇන්ටි වයිරස් දෙකක්. කියල වැඩක් නෑ නියමයි.

  1. Avast
  2. IObit Security 360
Avast

ආවස්ට් ගැන ඔය ගොල්ලො දන්නවත් ඇති. ඒ නිසා මේ ගැන වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැත. මෙතනින් මෙය බාගත කරගන්න. ඉන් පසු මෙය ස්ථාපනය කරගෙන, register කරගත යුතු වේ. ඒ සඳහා support tab එක කොටන්න. එහි Popular Action යටතේ ඇති Register to get license කියන එකත් කොටන්න. ඉන් පසු ඔබට පොරමයක් ලැබේ. එය නිවැදිව පිරවූ පසු පැය 24 කින් ඔබට ඉ-මේල් එකක් මඟින් Avast හි Register key එක ලබාගත හැකි ය.

මෙහි නොතේරෙන තැනක් ඇත්නම් ඒ සඳහා comment එකක් මාර්ගයෙන් දැනුම් දෙන්න.
IObit Security 360

මෙයත් නොමිලේ ලබා දෙන පරිගණකය නරක වැඩසටහන් වලින් ආරක්ෂා කර දෙන දියුණු මෘදුකාංගයකි. ස්පයිවෙයා, ඇඩ්වෙයා, ට්‍රොජන්ස්, කිලෝගාර්ස්, බූට් වයිරස්, වර්ම්ස් හා හයිජැකර්ස් වැනි නරක වැඩසටහන් ඉවත් කරන අතරම වින්ඩෝස් රෙජිස්ටරියේ වැරැද්දක් ඇතොත් එයද මෙමඟින් නිවැරදි කරයි. නෙමිලේ දෙන ඇන්ටිවයිරස් වැඩසටහන් අතරින් ඉතා හෙඳ වැඩසටහනක් ලෙස, සෙකියුරිටි 360 ප්‍රසිද්ධිය.
මෙතනින් මෙය බාගත කරගන්න.


මෙම ඇන්ටිවයිරස් වැඩසටහන් දෙකම ඉතා හොඳ මට්ටමේ ඇත. එම නිසා මෙම වැඩසටහන් දෙක අතරින් එක වැඩසටහනක් පමණක් ස්ථාපිත කරගන්න. මන්ද, පරිගණකය මන්දගාමී විය හැකි ය.

Comments

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......