Video Convert කිරීමට හොඳම මෘදුකාංගයක්


අද වන විට බොහෝ Video Convert මෘදුකාංග අන්තර්ජාලයෙන් ලබාගත හැක. නමුත් එම මෘදුකාංග බොහෝමයක් මිලදී ගත යුතු ය. නොමිලේ ලබා ගතහැකි මෘදුකාංගවල කාර්යය සීමා කර ඇත. නමුත් Freemake Video Converter යනු බොහෝ ප්‍රයෝජන ගත හැකි නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි.
මෙම මෘදුකාංගයෙන් Convert කළ හැකි Video වර්ග

  1. avi, mpg, tod, dv, rm වැනි කැමරා සඳහා වන වීඩියෝ
  2. 3gp, 3g2, 3gp2, mp4 වැනි ජංගම දුරකථන වීඩියෝ
  3. wmv, mkv, qt, ts, mts වැනි පරිගණක සඳහා ඇති වීඩියෝ
  4. flv, swf, mp4 වැනි අන්තර්ජලයේ ඇති වීඩියෝ
  5. mp3, wma වැනි music file වර්ග
  6. DVD හා ඡායාරූප file වර්ග
මෙහි ඇති වාසියක් වන්නේ ipad, ipod, iphone, psp, Xbox, Blackberry වැනි Portable Device හා Gaming Console සඳහා භාවිතා කළ හැකි විඩියෝ convert කිරීමට ඇති හැකියාවයි.මෙහි ඇති තවත් විශේෂ හැකියාවක් වන්නේ ඉතා පහසුවෙන් Video DVD සකස් කරගත හැකි වීමයි. ඊට අමතරව You Tube සඳහා වීඩියෝ යෙදීම, Photo slide show නිර්මාණය කිරීම හා Video edit කිරීමට ද, යොදා ගැනීමට පුළුවන. ඔබත් මෙම මෘදුකාංගය බාගත කරගෙන මෙහි ඇති වෙනස අත් විඳින්න. බාගත කිරීමට මෙතන කොටන්න.



Comments