Hard Disk එකේ ආයුකාලය වැඩි කර ගමුද?


පරිගණකයේ ඇති වැදගත්ම කොටස Hard Disk එකයි. අපගේ වැදගත් හෝ අවැදගත් දත්ත ගබඩා කරනු ලබන ස්ථානය මේ බව කවුරුත් දන්නා කරුණකි. එම නිසා මෙය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් වෙයි.
Defragment කිරීම

Hard Disk එක defragment කිරීමෙන් මෙහි ක්‍රි
යාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වෙයි. මෙලෙස Hard Disk එක defragment කිරීමේ දී වෙනත් කිසිඳු කාර්යයක් නොකර සිටීමට වගබලා ගතයුතු යතු ය. මේ සඳහා ඔබට පිවිසීමට පිළිවෙලින් My Computer==>එහි පාර්ටිෂන් එකක් මත රයිට් ක්ලික් කර එහි properties යන්න==> එහි Tools යටතේ defragment now තුළින් ගොස් මෙය කරගත හැකි ය.



UPS එකක් භාවිතා කිරීම


පරිගණකයට සැපයෙන විදුලිය අඩු වැඩි වීම නිසා එහි උපාංගවලට හානි පමුණවයි, නමුත් මෙහි වැඩි බලපෑමක් ඇති වන්නේ Hard Disk එකටයි. එම නිසා මෙම ගැටළුවට UPS එකක් භාවිතා කළ යුතු වේ. මිලෙන් තරමක් වැඩි වුවත් UPS එකක් භාවිතා කිරීම ඉතා යෝග්‍ය වේ. තව ද, පවර් සප්ෆලයි එකත් එකත් හොඳ තත්වයේ තිබිය යුතු ය.
කාර්යය ප්‍රමාණය අඩුකිරීම.

Hard Disk එකේ ආයු කාලය අඩු වීමට තවත් හේතුවක් වන්නේ ප්‍රමාණයට වඩා කාර්යය පැවරීමයි. එනම් පරිගණකයේ තුළ නිරන්තරයෙන් අනවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වීමයි. Hard Disk එක තුළ සෙවීම් කටයුතු වල දී මුළු Hard Disk එක තුළ ම සෙවීමෙන් තොරව එක් කොටසක පමණක් සෙවීමේ කටයුතුවල නිරත වීම සුදුසුයි. තවද ඔබ කිසිදු කාර්යය
ක් නෙකරන අවස්ථාවල දී Hard Disk එකට විවේකයක් ලබා දීම ද වැදගත් වෙයි.
උෂ්ණත්වය පාලනය කිරීම

තවද Hard Disk එකේ උෂ්ණත්වය පාලනය කර ගැනීමෙන් ද එ
හි අයු කාලය දීර්ඝ කර ගැනීමට පුළුවන. ඔබ Laptop එකක් නම් භාවිතා කරන්නේ මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතු ය. එහි ඇතුළත් වී ඇති අනෙකුත් කොටස්වලින් ද පිටවන උෂ්ණත්වය නිසා Laptop එක මදක් රත් විය හැක. Laptop එක භාවිතා කිරීමෙන් පසු මඳක් සිසිල් වීමට තැබීමෙන් Hard Disk එකට ඇති වන බල පෑම අවම කරගත හැකිය. ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය පරිගනකයක් නම් Hard Disk Cooler යක් සම්බන්ධ කිරීම මඟින් මෙහි අධික රත්වීම වළක්වා ගතහැකි ය.

කෙසේ වෙතත් Hard Disk එක එකවරම විනාශ නොවේ, හැමවිටම හොඳ අවධානයෙන් සිටීම මඟින් එයට වන හානිය අවම කර ගත හැකි ය. Disk View, Stellar වැනි මෘදුකාංග භාවිතා කර Hard Disk එකෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කර දෝෂයක් වේ නම් එය හඳුනා ගත හැකි ය.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන කටයුතු කිරීමෙන් Hard Disk හි ආයුකාලය වැඩි කර ගැනීමට හැකි වෙයි. Hard Disk එක පිළිබඳව ඔබට සැක සහිත නම් ඉතා ඉක්මණින් ඔබගේ වටිනා දත්තයන්ගේ ආරක්ෂාව සඳහා වෙනත් Hard Disk එකකට හෝ දත්තයන් ගබඩා කළ හැකි උපාංගයකට bachups ලබා තිබීම ඔබට සුබදායක වෙයි.

Comments