
මෙය ස්ථාපනය කිරීමේ දී රහස් අංකයක් ඉල්ලා සිටී. මෙහි සියලුම සේවාවන් ක්‍රියාත්මක කිරීමට එම රහස් පදය අවශ්‍ය වෙයි. මෙම මෘදුකාංගයෙන් ලබාගත හැකි පහසුකම්,
තෙෆ්ට් කන්ට්‍රෝල් (Theft Control)- මෙම පහසුකම සක්‍රිය කර තැබූවිට මෙම දුරකථනයට අලුත් සිම් කාඩ් ඇතුළු කරන වාරයක් පාසා මුල දී ලබා දුන් දුරකථන අංකයට (Trust Number) එම අලුත් සිම් කාඩ් හි දුරකථන අංකය දැන ගැනීමට හැකියාව ලැබෙයි. පසුව එම දුරකථන අංක ඔස්සේ සොරව සොයා ගැනීමට හැකියාව ලැබෙයි.
රිමෝට් ලොක් (Remote Lock)- දුරකථනය නැති වූ වහාම වෙනත් දුරකථනයක් මාර්ගයෙන් #LOCK#<රහස් අංකය> මෙසේ එස්එම්එස් පණිවිඩයක් යැවීමෙන් ඔබගේ ස්මාට්ෆෝනය ලොක් කිරීමට පුළුවන. රහස් අංකය ලබා දීමෙන් නැවත දුරකථනය අන්ලොක් කරගත හැක.
ලොකේට් ෆෝන් (Locate Phone)- මෙයත් ඉහත ආකාරයට #LOCATE#<රහස් අංකය> ලෙස එස්එම්එස් පණිවිඩයක් යැවීමෙන් පසු එයට පිළිතුරු වශයෙන් ඔබට ගූගල් මැප්ස් සේවයේ ලින්ක් එකක් ලැබේ. එය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඔබගේ දුරකථනය මේ මොහොතේ ක්‍රියාත්මක වන ස්ථානය සිතියම ආධාරයෙන් පෙන්වයි.
රිමෝට් වයිප් (Remote Wipe) - මෙම පහසුකම මඟින් ඔබගේ පෞද්ගලික තොරතුරු අන් අයගේ අතට පත්වීම වැළැක්වීමට #WIPE#<රහස් අංනය> ලෙස එස්එම්එස් පණිවිඩයක් යැවීමෙන් එහි ඇති සියලුම දත්ත මකා දැමීමට හැකියාව ලැබෙයි.
Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......