

එනම්, M.S.World වැඩසටහන ඔස්සේ ඔබට ලිපියක් සකස් කිරීමට අවශ්‍ය යැයි සිතන්න. නමුත් එම වැඩසටහන ඔබේ පරිගණකයේ නැත. එවිට ඔබ, අන්තර්ජාල පහසුකම ඇත්නම් වෙනත් දත්ත ගබඩාවක් ඇති දත්ත සකස් කිරීමේ වැඩසටහනක් මාර්ගයෙන් ඔබට එම ලිපිය සකස් කරගැනීමට හැකියාව ලැබෙන්නේ මෙම Cloud Computing තාක්ෂණය නිසා ය. මෙසේ මෘදුකාංග ක්‍රියාත්මක කරමින් දත්ත සකස් කිරීමේ සේවාව S.A.A.S ( Software As A Service) ලෙස හඳුන්වයි.
මෙසේ අන්තර්ජාලය හරහා S.A.A.S ක්‍රමයට නැතහොත් ඔන්ලයින් ක්‍රමයට විවිධ වැඩසටහන් මඟින් දත්ත සකස් කර ගැනීමෙන් අපට ඇති වාසි
- මුදල් ගෙවා මෘදුකාංගයක් තම පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවීම.
- මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය ඉඩකඩ ගැන සිතීමට අවශ්‍ය නොවීම.
- අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පරිගණකයට ඇති පහසුකම් පිළිබඳව කරදර නොවීම.
- ලෝකයේ ඕනෑම තැනක සිට අවශ්‍ය කරුණු වැඩසටහනට එක් කිරීමට ඇති හැකියාව.

එම ආතන මඟින් ඔබට වෙබ් අඩවි හරහා ලිපි සකස් කිරීම, දත්ත ගබඩා මෙහෙය වීම, විගණනය ආදී සියලු ම සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබී ඇත. දෘඩාංග පහසුකම් ද, ලබාගැනීමට පවා දැන් තාක්ෂණය දියුණු වී ඇත. එනම් ප්‍රොසෙසරයේ කාර්යය පහසු කිරීම හා වේගවත් කිරීම සඳහා අන්තර්ජාලය හෝ ජාලගතව සම්බන්ධ වී වෙනත් පරිගණකවලින් එම පහසුකම ලබා ගැනීමයි. මෙම තාක්ෂණයේ ඉපදීමත් සමඟම තොරතුරු තාක්ෂණය ලොව සැමට එක සේ අත්විඳීමට හැකියාව ලැබී ඇත. තවද, ඉදිරි අනාගතයේ දී අන්තර්ජාලය ඔස්සේ Virual පරිගණකයක් සකස් කර ගැනීමට මෙම Cloud Computing තාක්ෂණය මඟින් ඔබට අවකාශය ලැබෙන කාලය ඉතා ඉක්මණින් එළඹෙනු ඇත.
Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......