Mac ද? PC ද?

මම හොයාගෙන ගියා Apple macintish හා
Micrisoft
Windows
අතර තියන ආරවුල මොකද්ද කියලා. පසුව මම හොයා ගත්තා මෙම PC පරිගණක දෙක අතර තියන වෙනස මොකද් ද කියලා. මේ තියෙන්නෙ ඒක,

1. ආරක්ෂාව
Mac:- PC පරිගණක තුළ ක්‍රියාත්මක වනු ලබන වයිරස්, මැල්වෙයා වැඩසටහන් කිසිවක් ක්‍රියාත්මක නොවීම.

Windows:- වැඩි පිරිසක් pc පරිගණක භාවිතා කරන බැවින් විනාශකාරී වැඩසටහන් මොනයම් හෝ ආකාරයෙන් windows තුළට බලපෑම් එල්ල කිරීමේ ප්‍රවණතාව ‍වැඩිය.
2. මිළ

Mac:- මිළ මට්ටම ඉතා විශාල වැඩි වීමක් දැකිය හැකි ය.

Windows:- mac පරිගණකවලට වඩා ඉතා අඩු මිළ ගණන් යටතේ ඇත. බොහෝ දෙනා මෙම පරිගණක මිළ දී ගැනීමට ද හේතුව මෙයයි.
3. මෙහෙයුම් පද්ධතිය
Mac:- මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වලට සාපේක්ෂව software හා drivers ඉතා අල්ප මට්ටමක පවතී.

PC:- බොහෝ දෙනා Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන නිසා විශාල මෘදුකාංග ප්‍රමාණයක් හා dirver
s නිර්මාණය වී ලොව පුරා පැතිරී ඇත.

4. මෘදුකාංග

Mac:- මේ සඳහා සුදුසු වන්නේ apple computer සඳහාම පමණක් සකසා ඇති මෘදුකාංග සුළු
ප්‍රමාණයක් පමණි.
Windows:- mac පරිගණකවලට සාපේක්ෂව මෘදුකාංග භාව්තයෙන් 100% ක්ම ඉදිරියෙන් සිටී. මන්ද විශාල මෘදුකාංග ප්‍රමාණයක් මේ සඳහා භාවිතයට ගන්නා නිසාය.

5. ගුණත්මක භාවය


Mac:- pc පරිගණකවලට වඩා ඉතාම ඉහළ
ගුණත්මක තත්වයකින් නිමවා ඇත. මෙය මිළ අධික වීමට ද, හේතුව මෙයයි.

Windows:- මිළ අඩු උපාංග භාවිතා කර
pc පරිගණක
නිපදවා ඇති අතර mac පරිගණකවලට සාපේක්ෂව ගුණත්මක භාවයෙන් ඉතා අඩු ය. එම නිසාම මිළ ද විශාල ප්‍රමාණයකින් අඩු ය.

6. Battery time

Mac:- මේ පරිගණක boot වීම සඳහා වැඩි කාලයක් ගත කරයි.
Windows:- මෙහිදී මෙහෙයුම් පද්ධතිය විසින් යොදා ඇති දෘඩ උපාංගවල කාර්යක්ෂමතාවය අනුව ක්‍රියා කරයි. නමුත් මෙය mac පරිගණකවලට වාඩා වේගයෙකන් boot වීම සිදු වේ.

7. Drivers

Mac:- apple පරිගණක සඳහාම පමණක් නිපදවා ඇති drivers භාවිතා කළ යුතු වේ. මෙයට ඉතා අඩු වශයෙන් drivers ඇති බැවින් මේ සඳහා drivers
භාවිතා කිරීම තරමක් අපහසු වේ.
Windows:- මේ සඳහා විවිධ දෘඩ උපාංගවලට වෙන වෙනම drivers නිපදවා ඇති බැවින් මේ සඳහා විශාල drivers ප්‍රමාණයක් ඇත.

8. පරිගණක ක්‍රීඩා

Mac:- මෙම පරිගණක සඳහා පරිගණක ක්‍රීඩා නිපදවීම ඉතා අඩු මට්ටමක පවතී.
Windows:- මෙම පරිගණක පරිගණක ක්‍රීඩාවලින් පළමු ස්ථානයේ තවමත් රැඳී සිටී.

මොනා හරි කියල යන්න අමතක කරන්න එපා..

Comments