කැත විඳිහට කාට හරි බයිට් එකක් දෙමු ද?

          මම මේ කියන්න යන්නේ තවත් පොඩි පිස්සු වැඩක්, මේ වැඩෙන් යාළුවන්ව පුදුම කරන්න හෝ පොඩ්ඩක් බය කරන්න පුළුවන්. මේ වැඩෙන් පුළුවන් තමන්ගේ Facebook profile හෝ වෙන ඕනම වෙබ් අඩවියක් තමන්ට ඕන විදිහට වෙනස් කරන්න. දැන් ඉතින් වැඩේට බහිමු.

          මුලින් ම Firebug කියන Add-on එක, ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකට install කර ගන්න.

  1. Google Chrome සදහා
  2. Firefox සඳහා 
ඊට පස්සේ  වෙබ් බ්‍රව්සර් එක restart කරන්න. ඔන්න දැනුයි සෙල්ලම පටන් ගන්නෙ. දැන් වෙබ් බ්‍රර්ව්සර් එකේ පිටුවක් උඩ right click කරලා පල්ලෙහාම තියෙන "Inspect Element" කියන එක උඩ click කරන්න. ඊට පස්සේ පහළින් Box එකක් විවෘත වෙයි. එම Box එකේ ඉහළම ඇති Bar එකේ, වම් පැත්තේ සිට දෙවන අයිකන් එක (click an element in the page to inspect) ක්ලික් කරන්න. දැන් ඔයා වෙබ් පිටුවෙහි වෙනස් කිරීමට අවශ්‍ය ස්ථානයට මවුස් එක ගෙන ගෙස් එම ස්ථානයේ right click කිරීමෙන් පසු පහළ box එකෙහි එම ස්ථානයේ Html කේතය නිරූපණය කරයි. දැන් එම කේතය ඔයාට ඕන ආකාරයට සකස් කර ගත හැකිය. එහෙම හදාගත්ත වෙබ් පිටුවේ Screen shot (Ctrl+Print Screen SysRQ) එකක් ලබා ගෙන්න. දැන් වැඩේ හරි. Facebook එකේ එහෙම Share කරලා යාළුවන්ව හොල්මන් කරන්න.

මේ සමඟම පහළ ඇති වීඩියෝවත් බලන්න.




Comments

  1. මට ‍ෂුවර් නැත්තේ ෆයර් බග් ගැන නොදන්න යාලුවෙක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......