Laptop බැටරියේ ආයුකාලය වැඩි කර ගනිමු.

                සාමාන්‍යයෙන් Laptop එකක බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමෙන් පසු පැය 4-5 ක් අතර කාලයක් බැටරියෙන් Laptop එක ක්‍රියා කළ හැකි ය. ඊට අමතර ව ඔබ කරන කාර්යයන් අනුව එම කාලය වෙනස් වේ. 


              නමුත් මට අසන්නට ලැබුණු කතාවක් තමයි, Laptop වල බැටරියේ ආයුකාලය ඉතා කෙටි වන බවයි. අපි බලමු එසේ වන්නේ ඇයි කියා. 

           මෙයට ප්‍රධානතම හේතුව වන්නේ, බොහෝ දෙනා Laptop එක නිතර ම ප්‍රධාන විදුලිය හා සම්බන්ධ කර නිතරම පරිහරණය කිරීමයි. සාමාන්‍ය බැටරිය නිර්මාණය කර ඇත්තේ සම්පූර්ණයෙන් අරෝපණය කිරීමෙන් පසු Shell භාවිතා වන පරිදි බැටරියේ බලය අඩු වීමටයි. නිතර ප්‍රධාන විදුලිය හා සම්බන්ධ කර Laptop එක පරිහරණය කිරීමේ දී නිතරම බැටරිය ආරෝපණය වී පවතී. එවිට බැටරිය පැති දෙකකට ගමන් කරයි. එවිට බැටරිය ආරෝපණය වන අතරම බැටරිය බැස යාමේ ක්‍රියාවලිය ද, සිදු වේ. මෙසේ සිදුවීමේ දී Shell හරිහැටි භාවිතයට නොගැනේ. එම නිසා Shell ටිකින් ටික මැරීයාමට පටන් ගනී. ඒ සමඟම බැටරියේ ආරෝපණ කාලය ද, අඩු වේ. තව ද, මේ නිසා බැටරිය ඉතා වෙහෙසට පත්වීම ද, මීට බලපායි. ප්‍රධාන විදුලිය සමඟ Laptop එක පරිහරණය කරනවා නම්, අඩුම තරමෙන් දවස් 3 කට සැරයක්වත්, බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කර බැටරිය ක්‍රමයෙන් බැස යාමට සැළැස්විය යුතුය. අනෙක් ඔබට ලැබෙන සෑම අවස්ථාවක දීම බැටරිය ප්‍රෙයෝජනයට ගනිමින් Laptop එක පරිහරණය කිරීම ඉතා සුභදායක වේ. 

            බැටරියේ ආයුකාලය අඩු වීමට තවත් හේතුවක් නම්, බැටරි බලය විශාල වශයෙන් වැය වන වැඩ කොටස් කිරීමයි. උදාහරණයක් ලෙස CD/DVD කියවීමේ දී හෝ ලිවීමේ දී, වැඩි බලයක් ලබා ගන්නා බාහිර දෘඩාංග Laptop එකට සම්බන්ඩ කිරීම වැනි අවස්ථා වලදී ද බැටරියේ ක්‍රියාකාරීත්වය ඉතා වේගවත් වේ. එවිට ද බැටරියේ ආයුකාලය අඩුවේ. එම අවස්ථා වලදී හැකි තරම් Laptop එක ප්‍රධාන විදුලිය හා සම්බන්ධ කර කටයුතු කිරීමට වඟබලා ගන්න. 

             අවසාන වශයෙන් කිව යුත්තේ, බැටරිය නැවත ආරෝපණය කිරීමේ දී බැටරිය සම්පූර්ණයෙන්ම බැස ගොස් Laptop එක off වී යන තුරුම බලා නොසිට ඊට මත්තෙන් බැටරිය ආරෝපණය කිරීමට වඟබලා ගන්න. එසේ නොවුනහොත් බැටරිය වගේම Laptop එකටද හානි සිදුවිය හැකි ය. බැටරිය ආරෝපණය කිරීමේ දීද, එක දිඟට සම්පූර්ණයෙන් ම ආරොපණය කිරීම ද, යෝග්‍ය වේ. 

ඉහත කරුණුවලට අනුව ඔබේ Laptop බැටරියේ ආයුකාලය වැඩි කර ගැනීමට වඟබලා ගන්න.


Comments

  1. හ්ම්...ස්තුතියි දැනුම බෙදාගත්තාට..
    laptop එකත් එක්ක එන බැටරිය original එකක්ද?
    ගොඩක් අය කියනවා ඒක demo එකක් කියලා.
    අළුතෙන් බැටරියක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනි මොනවද කියලත් කියනවද?

    ReplyDelete
  2. මම දන්න තරමින් නම් ඔව්.. Laptop එකට එන බැටරිය original....
    සහෝ අළුතෙන් බැටරියක් ගන්න කොට බැටරියේ voltage එක Laptop එකේ voltage එකට මැච් වෙන්න ඕනා, තව හැකි තරම් Shell වැඩි ප්‍රමාණක් තියන බැටරියක් ගන්න එතකොට බැටරියේ ආයුකාලය වැඩි වෙනවා....

    ReplyDelete
  3. මචං සාමාන්‍ය ලැපක බැට්‍රි සති දෙකකට හෝ සතියකට විතර සැරයක් ඩිස්චාර්ජ් කළාම ඇති. බැට්‍රිය Li-Ion නම් ගමනක් යද්දි වගේ පාවිච්චි කරනකොට ෆුල් ඩිස්චාර්ජ් වෙලා ඕෆ් වෙලා යනකල් ඉන්න එපා ඊට කලින් ඕෆ් කරන්න. බැට්‍රිය ෆුල් චාර්ජ් නැත්නම් ලැප ඔන් කරන්න එපා, ඕෆ් කරල තියෙද්දිම චාර්ජ් කරන්න. ෆුල් චාර්ජ් වුණාම විතරක් ඔන් කරන්න ( ඔන් නොකරම කොච්චර චාර්ජ් ද බලාගන්න ගොඩක් ලැප් වල ඉන්ඩිකේටරයක් තියන්නෙ ඒකට ). ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ගැන විශ්වාසය ලොකුවට පලුදු වෙලා නැති නම් සහ ගෙදරටම වෙලා ලැප පාවිච්චි කරනව නම්, ඒ කියන්නෙ පවර් ඇඩැප්ටරයක් ගහලම ලැප පාවිච්චි කරන තත්වයක් නම් තියන්නෙ මෙහෙම කරන්න. ලැපේ බැට්‍රි ගලවලා කෙලින්ම ලැප පවර් එකට ගහල පාවිච්චි කරන්න! ගමනක් යනකොට බැට්‍රිය අමතක කරල යන්න එපා හැබැයි.

    ReplyDelete
  4. මෙහෙම දේවලුත් වෙනවා...
    අපිට ලැප් එක විකුණන එක්කෙනා හොද බැට්රිය තියාගෙන අපිට බාල එකක් දීලා එයා ඔරිමජිනල් එක වැඩි ගානකට විකුණනවා...
    දැන් ඒ වගේ වැඩ වෙන්නෙ නැහැ කීවට ගොඩක් ලොකුයි කියලා හිතන් ඉන්න තැන් කීපයකම ඔය වගේ පච වැඩ කරනව කියල මට දැනගන්න ලැබුනා

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......