

මෙවැනි ට්‍රොජන් හෝස් වැඩසටහන් විවිධ වෙබ් අඩවිවල ප්‍රෙයෝජනවත් ලෙස හැඟවෙන පරිදි හයිපර් ලින්ක්ස් (Hyper link) ආකාරයෙන් හෝ ඉ-මේල් මඟින් මෙම වැඩසටහන් පතුරවා හරී.
ට්‍රොජන් හෝස් වැඩසටහක් පරිගණකයක ස්ථාපනය වුවහොත් එම වැඩසටහන නිර්මාණකරුවාට අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් පරිගණක ජාලයක් හරහා වුවත් එම පරිගණකටෙ පිවිස හොර රහසේම පහත දැක්වෙන වැඩ කටයුතු කර ගැනීමට හැකියාව ලැබෙයි.
- එම පරිගණකයේ ෆයිල් භාවිතා කිරීම හා එම ෆයිල්ස් ඩවුන්ලොඩ් හෝ අප්ලෝඩ් කිරීමට හැකියාව ලැබේ.
- වෙනත් මෘදුකාංග ඉන්ස්ටෝස් කිරීමට හැකියාව ලැබේ.
- ගොනු වෙනස් කරමින් එවා මකා දැමීමට හැකියාව ලැබේ.
- පරිගණක තිරයේ සිදුවන සියලු දෑ නැරඹීමට හැකියාව ලැබේ.
- අන්තර්ජාල ගෙවීම්, ක්‍රෙඩිට් කාඩ් පිළිබඳ විස්තර, පස්වර්ඩ් යන ආදිය විස්තර ලබා ගැනීමට හැකියාව ලැබේ.
උසස් ඝනයේ ඇන්ටි වයිරස් ගාර්ඩ් එකක් මඟින් හෝ ෆයර්වෝල් එකක් ආධාරයෙන් මෙම ට්‍රොජන් හෝස් නරක වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය නවත්වා ගැනීමට හැකියාව ලැබේ.
Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......