වින්ඩෝස් 7න් Hibernate කරමු

        ඔබ කිසියම් වැඩක නියලී සිටීමේ දී හදිසියේ පරිගණකය ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඔබ අනුගමනය කරන්නේ පරිගණකය Sleep කිරීමයි. නමුත් මේ සඳහා විදුලිය සැපයිය යුතුය. තවද මෙහි ඇති අවාසිය නම්, මෙය සිදු කර බොහෝ වේලාවක් නොතිබිය හැකි වීමයි. එසේ නම් මේ සඳහා සුදුසුම ක්‍රමය Hibernate කිරීමයි. Hibernate කිරීමෙන්, පරිගණකය Shut Down වන ආකරයෙන්ම සිදුවේ. නැවත ඕනම වෙලාවක පරිගණකය ක්‍රියාත්මක කර ඔබ නතර කළ ස්ථානයේ සිට නැවත වැඩ කටයුතු කර ගැනීමේ හැකියාව ඇත.

දැන් එහෙනම් වැඩේ පටන් ගමු.

1. මුලින්ම Command Prompt එක විවෘත කර ගන්න. ඒ සඳහා Start මෙනුවේ CMD ලෙස පරික්ෂා කර බලන්න.

2. ඊළඟට Command Prompt එකෙහි "powercfg /hibernate on" සටහන් කර Enter කරන්න.


3. දැන් Command Prompt එක වසා දමන්න.

4.ඉන් පසු පිළිවෙලින් Control Panel ==> Power Options ==> Change when the computer sleeps ==> Change advanced power settings වවෘත කරගන්න.

5. විවෘත වන advanced power settings බොක්ස් එකෙහි Balanced ලෙස තෝරන්න. 

6. ඉන්පසු Balanced යටතේ Sleep යටතේ Allow hybrid Sleep යටතේ ද, ඇති settings "off" ලෙස සකසන්න.

7. වැඩේ ඉවරයි. දැන් Start මෙනුවේ  Sleep ටැබ් එකට පහළින් Hibernate ලෙස දැක ගැනීමට හැකිවේ.



නොදන්න අයට දැන ගන්නයි මේ කතාව......

Comments