Anti Malware බලකාය......( PC ගැජට් 2 කොටස)

               ළඟ දී දවසක මට හරි ජංජාලයක් තමයි වු‍ණේ. මගේ පරිගණකයට මැල්වෙයා එකක් රිංගලා මගේ Programs ඔක්කම අවුල් කෙරුවා. ඉස්සරලම වයිරස් ගර්ඩ් එක වැඩකරන්නේ නැති වුණා. මොකද මම දාලා තිබුණේ Free වයිරස් ගර්ඩ් එකක්නේ. ඊට පස්සේ මොන වයිරස් ගර්ඩ් එකක් දැම්මත්, ඒ එකක්වත් වැඩ කළේ නෑ. මේ පණිවිඩය එන්න ගත්තා.


               ඊට පස්සේ ටික ටික අනිත් Software වලටත් මේක වෙන්න ගත්ත. Restore Point සේරම මකලා. මාර වැඩේ කියන්නේ දන්නෙම නැතුව 50KB විතර වේගයෙන් අන්තර්ජාලයට Upload වෙනන් ගත්ත. පුළුවන් හැම වැඩක්ම දාලා වයිරස් එක හොයාගන මකලා දැම්මා. ඒත් කිසිම වැඩක් වුණේ නෑ ආය ආය වයිරස් එක හැදුණා. වෙන ඉතින් මෙනා කියලා කරන්න ද, අන්තිමේටම පරිගණකය Format කළා. 

               මම වැඩේ අත ඇරියේ නෑ තව ටිකක් මේ ගැන හොයන්න ගත්තා එතකොට තමයි මට මේ ගැන දැන ගන්න ලැබුණේ,

               පරිගණකයේ යහපත් ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන පරිගණක වැඩසටහන් හා වයිරස් වර්ග අන්තර්ජාලය හරහා පරිගණකයට ඇතුලු වී පරිගණකයේ යහපත් ක්‍රියාකාරීත්වයට දරුණු ලෙස බලපෑම් ඇති කරයි. මෙම නරක වැඩසටහන් හදුනා ගනීමට නොහැකි වී පරිගණකයේ ක්‍රියාත්මක වෙමින් දෛයිනික කටයුතු වලට විශාල වශයෙන් බාධා ඇති කරයි. 

              එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වේ දැයි සොයා බැලීමට පරිගණකයේ පාලක වැඩසටහන මඟින් සිදු කිරීම ඉතා දුෂ්කරය. මෙම ආපදාවෙන් ගැලවීම සඳහා CD තැටියක අඩංගු පාලක වැඩසටහනක් මඟින් පරිගණකය මෙහෙයවා වයිරස් වැනි මැල්වෙයා දෘඩ තැටියේ ඇත්නම් ඒවා හදුනාගෙන ඒවාට පිළියම් යොද යි. එවැනි පාලක වැඩසටහන් අඩංගු CD තැටි හඳුන්වන්නේ "Rescue CD" ලෙසයි.


මෙම ලිපියේ අරමුණ වූයේ එවැනි CD 5 ක් ඔබට හදුන්වා දීමයි. මෙවැනි CD භාවිතා කිරීමේ දී ඔබ සැළකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු 2 ක් ඇත. එනම්,
  1. ප්‍රධාන වශයෙන් ඔබ භාවිතා කරන "Rescue CD" එක වයිරස් මැල්වෙයා වැනි වැඩසටහන් සොයා ගැනීමට භාවිතා කරන වැඩසටහනක් දැයි සොයා බැලීම.
  2. එම "Rescue CD" එක නවතම වයිරස් හා මැල්වෙයා සොයාගැනීම සඳහා Update වේදැයි සොයා බලන්න.

මෙන්න එවැනි ඉතා හෙඳ මට්ටමේ පවතින "Rescue CD" 5 ක්,

Kaspersky Rescue Disk

  • පාලක වැඩසටහන් වර්ගය - Linux
  • විශාලත්වය - 200 MB
  • වයිරස් වැඩසටහනට අන්තර්ජාලයෙන් Update ලබාගත හැක

  AVG Rescue CD
  • පාලක වැඩසටහන් වර්ගය - Linux         
  • විශාලත්වය - 196 MB
  • වයිරස් වැඩසටහනට අන්තර්ජාලයෙන් Update ලබාගත හැක


Avira Rescue System Boot CD
  • පාලක වැඩසටහන් වර්ගය - Linux
  • විශාලත්වය - 135 MB
  • වයිරස් වැඩසටහනට අන්තර්ජාලයෙන් Update ලබාගත හැක

 Dr Web Live CD
  • පාලක වැඩසටහන් වර්ගය - Linux
  • විශාලත්වය - 155 MB
  • වයිරස් වැඩසටහනට අන්තර්ජාලයෙන් Update ලබාගත හැක


 F-Secure Rescue CD
  • පාලක වැඩසටහන් වර්ගය - Linux
  • විශාලත්වය - 155 MB
  • වයිරස් වැඩසටහනට අන්තර්ජාලයෙන් Update ලබාගත හැක




එහෙනම් හැමෝටම ජය.!! තවත් පිස්සු වැඩකින් හමුවෙමු.




Comments

  1. windows OS එකට එන rescue CDs නැද්ද?
    අනික kaspersky reg version එකට මේ ඔප්ෂන් එක එනවද?

    ReplyDelete
  2. Windows OS නිකම්ම rescue CDs වලින් වයිරස්නවලටවත් මැල්වෙයා වලටවල් බල පෑමක් කරන්න බෑ.... මේක වෙනම OS එකක් Norton rescue tool එකේ නම් තියෙන්නේ Win vista OS එක.

    kaspersky Anti Virus කියන්නේ එකක් Kaspersky Rescue Disk තවත් එකක්

    ReplyDelete
  3. මාත් මෙවා පාවිච්චි කරලා තියනවා. ෆොමැට් නොකර ගොඩ දාන්න පුලුවන් හොදම ක්‍රමේ ඔක. os එක බූට් වෙන්නේ නැති තරමෙ දරුනු වයිරස් ගිහිපුවත් ගොඩ දාන්න පුලුවන්.

    මෙකෙන් වැඩගන්න හැටි පොස්ට් එකක් දාන්න පුලුවන් නම් වටිනවා. හුගක් අයට නිකම්ම මෙක ගැන කිව්වට තෙරෙන්නේ නෑ නේ.

    ReplyDelete
  4. අදහස නම් නරක නෑ......

    ReplyDelete
  5. එල තවම මෙ වැඩේ කරලනම් නෑ.වෛයිරස් එකක් ඇවිත් කරදර කෙරුවොත් කරල බලන්නම්කෝ.

    ReplyDelete
  6. එළම තමයි... එදාට අපිව මතක් වෙයි. ජය...!!

    ReplyDelete
  7. windows 7 walata me rescue disk bavitha karan naa puluwan daa mage pc eike kaspersky genuine virus guard eike thiyen nee mehi mee option eika ganna puluwan daa

    ReplyDelete
  8. ඕව් සහෝ පුළුවන්, මේ Rescue CD ඇතුළෙ තියෙන්නෙ තවත් OS එකක් ඒ නිසා තියන OS එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ... kaspersky genuine මේ පහසුකම තියෙන්න විදිහක් නෑ මෙකද මේ Rescue CD වයිරස් ගර්ඩ් එක වැඩ කරන කොට අපේ තියන OS එක අක්‍රිය වෙන නිසා. එහෙම වෙන්නෙ සමහර වයිරස්, මැල්වෙයා වගේ විනාශ කිරීමට ඒ සඳහා ක්‍රියාත්මක නොවෙන OS එකක් භාවිතා කළ යුතු නිසාය.

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......