නොමිලේම මැල්වෙයා මැරීම (PC ගැජට් 3)

                සාමාන්‍ය වයිරස් ගාර්ඩ් එකකින් කෙරෙන්නේ පරිගණකයේ දැනට තිබෙන වයිරස් හෝ වෙනත් නරක වැඩ සටහන් හඳුනාගෙන ඒවා විනාශ කිරීමය. නමුත් අන්තර්ජාලය හරහා පරිගණකයට පැමිණීමට උත්සහ කරන නරක වැඩසටහන් හෙවත් මැල්වෙයා පැමිණීම නැවැත්වීමට ෆයර්වෝල් එකක් මෙන්ම අන්තර්ජාල ආරක්ෂක පද්ධතියක් ( Internet Security) අවශ්‍ය වේ. කෙසේ වෙතත් බොහෝ වයිරස් ගර්ඩ් මඟින් Internet Security පහසුකම් ද, මේ වන විට සලසා දී තිබේ. නමුත් අවාසනාවකට මෙන්ම ඒවා ලබා ගැනීමට විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. 


              ඒ නිසා එයට හොඳ පිළිතුරක් ලෙස කොමොඩෝ ඉන්ටනෙට් සෙකියුරිටි වැඩසටහන සතුටෙන් හඳුන්වා දිය හැකි ය. මෙය නොමිලේම බාගත කර ගැනීමට http://personalfirewall.comodo.com මෙතනින් යන්න. නමුත් මෙහි ද ඉතා ප්‍රබලම වැඩසටහන ලබා දෙන්නේ මුදලටය. නමුත් ඒ ගැන කම්පා නොවෙන්න මන්ද නොමිලේ ලබා දෙන දෙන වැඩසටහන ද ඉතා උසස් මට්ටමක පවතින නිසා ය. මම නම් මෙම වැඩසටහන්වල හොර කොපි අනුමත කරන්නේ නැත. නමුත් ඔයාලට ඕනම නම් මේක හොඳට බලලා වැඩේ කරගන්න. http://www.buzz99.com/2888/comodo-internet-security-pro-2012-free-1-year-serial/



එහෙනම් හැමොටම ජය..!!!

Comments