Print Cartridge අළුත්ම විදිහකට පිරිසිදු කරමු

           කවුරුත්ම වාගේ දන්න කාරණාවක් තමයි, Print Cartridge වල ආයුකාලය ඉතාමත් කෙටි කාලයක් ක්‍රියාකාරී තත්වයේ පවතින බව. බොහෝ විට සිදු වන්නේ Print Cartridge වල ඔළුව (Head) ගල් වීම හෙවත් Head එකේ ඇති තීන්ත වියළී යාමයි. මේසේ වීමෙන් පරණ Print Cartridge එක පැත්තකට විසික් කර අළුත් Print Cartridge එකක් මිළ දී ගැනීමට සිදු වෙයි. මෙහි මිළ ගැන අමුතුවෙන් කිවීමට අවශ්‍ය නොවේ යැයි සිතමි. 

          මම මේ කියන්න එසේ අකර්මන්‍ය Print Cartridge ක්‍රියාකාරී තත්වයට ගෙන ඒම සඳහා මා විසින් සොයා ගන්නා ක්‍රමයකි. මම විශ්වාස කරනවා මීට පෙර මෙම ක්‍රමය කවුරුත් අතහදා බාලා නැති බව. මම මේ ක්‍රමයෙන් දැනට Cartridge 4ක් පමණ ක්‍රියාකාරී තත්වයට ගෙන ඇත.

ඒ ක්‍රමය කියන්න කලින් අපි බලමු ඇයි මෙසේ Print Cartridge හී Head එක ගල් වන්නේ කියා,

  1. දීර්ඝ කාලයක් තිස්සේ Printer එක මඟින් පිටපත් නොගැනීම.
  2. Print Cartridge එකෙ හී තීන්ත අවසන් වී Cartridge එක හිස්ව තිබීම.
  3. බොහෝ විට සිදු වන්නේ මෙයයි. Cartridge එකට නැවත තීන්ත පිරවීමෙන් (Refill) පසු, කෙටි කාලයක් තිස්සේ හෝ පිටපත් නොගැනීම නිසා හෙඩ් එක ඝන වේ. එසේ සිදු වන්නේ Refill කිරීමට යොදා ගන්නා තීන්ත ගුණත්මක බාවයෙන් අඩු මට්ටමක පැවතීමයි.
 එහෙනම් ඔන්න දැන් වැඩේට බහිමු.

  • මුලින්ම ඝන වුණ  Print Cartridge හී Head එක Cleaning Solvent හෝ Thinner යොදා හෙඩ් එක හොඳින් සෝදන්න.


  • එහින් ප්‍රථිපලයක් නැති නම්  Cleaning Solvent හෝ Thinner තුළ Cartridge  එක බහා පැය 24 ක පමණ කාලක් තබන්න.


  •  එසේ දීද ප්‍රතිඵලයක් නොමැති නම් Cartridge එක තැම්බීම කරන්න. ඒ සඳහා ඇලුමිනියම් භාජනයක් ගෙන එයට වතුර පුරවා Cartridge එක එහි ගිල්වා විනාඩි 20ක් පමණ එය මඳ ගින්නේ රත් කරන්න. මෙය සිදු කිරීමේ දී තීන්ත පුරවන සිදුරු ඇරී ඇත්නම් ඒ තුළින් තීන්ත පිටතට වීදීමට බලයි. ඒ නිසා එම සිදුරු හොඳින් ආවරණය කරන්න. මෙහි දී Cartridge එකෙහි හෙඩ් එක භාජනයේ නොවදින ලෙස රඳවා ගන්න. නැතහොත් අධික රස්නය නිසා හෙඩ් එකට හානි විය හැකිය.

  • අවසානයට හුළං ගහමු. (මෙන්න මගේ ක්‍රමය)
  1.  මේ සඳහා කාබන් පෑනක බටයක් ඉතා යොග්‍ය වේ. කාබන් පෑනේ බටයේ එක් කෙළවරක්, Cartridge එකෙහි තීන්ත පුරවන සිදුරකට සවි කළ හැකි පරිදි පිහි තුඩකින් සකස් කර ගන්න.
  2. එම බටය ඝන වී ඇති තින්ත අයිති සිදුරට සවිකර ගන්න. 
  3. ඉන් පසු අනෙක් සිදුරු සියල්ල හොඳින් වසා ගන්න. මෙය ඉතා හොඳින් අතින් සිදුකර ගැනීමට හැකි ය.
  4. දැන් කට උපයෝගී කරගෙන එම බටයට පිඹින්න. නමුත් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ අතින් හුළං ගසන පොම්පයකි.
  5. එම ඝන වූ තීන්ත කැඩී හෙඩ් එක තුළින් පිටතට ගලන තුරුම මෙය සිදු කරගන්න.
  6. මුලින් කියූ ක්‍රියාකාරකම් ද, සිදු කර ගත්තෙ නම් මෙම ක්‍රියාකාරකමේ ඉක්මණින්ම හොඳ ප්‍රථිපල ලබා ගැනීමට හැකියාව ලැබෙයි. 

මේ ක්‍රමවේදය "HP Deskjet" Print Cartridge සඳහා පමණක් අත්හදා බලා සාර්ථක ප්‍රථිපල ලබාගත් බව මම සතුටින් ප්‍රකාශ කරමි. මන් ද සමහර කාටිලේජ වලට Refill කිරීමේ හැකියාව නොමැත එම කාටිලේජ සඳහා මෙම ක්‍රමය සුදුසු නොමැති බව සලකන්න.

කාටිලේජ් එකෙහි තීන්ත පිටතට ගලා ඒමේ තත්ව පරිකාෂාවක් සඳහා මෙම කුඩා ක්‍රමය සිදු කරගත හැකි ය.


මේ සඳහා අත් පිසීමට ගන්නා කඩදාසියක් ගෙන කාටිලේජ් එකේ හෙඩ් එක කඩදාසියේ වදින පරිදි ඉහළ සිට පහළට ඇදීමයි.

Comments

  1. නියමයි.තව තවත් මේවගේ සොයාගැනීම් කරන්න ලැබේවා!

    ReplyDelete
  2. ස්තූතියි.... !!!

    ReplyDelete
  3. හොද වැඩක් ජයෙන් ජය.

    ReplyDelete
  4. පට්ට.දිගටම ලියන්න.අපි දිගටම බලනව

    ReplyDelete
  5. එළ..... ස්තූතියි....!!!

    ReplyDelete
  6. එළ.. "කාටිලේජ් " කියන්නේ අර මස් අස්සේ ක‍ටු එක්ක තියෙන ඒවා නේද ?...

    ReplyDelete
  7. හරියටම හරි ඒවා තමයි.. හික් හික්..

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......