හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! ඉතින් යාළුවනේ කොහොම ද? ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුණානේ.ඔන්න ඒ හින්දම හා හා පුරා කියලා අලුත් අවුරුද්ද පටන් ගද්දිම හොඳ වැඩකට අත ගැහුවා. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්දෙ හැමෝටම සතුට, සැහැල්ලුව, වාසනාව, හැම හොඳ දේකින්ම ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය ලැබිලා අලුත් හොඳ අදහස්වලින් වැඩ කටයුතු කරන්න ලැබේවා...!!!!
ඒ ප්‍රාර්ථනාවත් එක්කම අපි බලමු ඔයාගේ Desktop එක තවත් කෙනෙකුට පෙන්වන්නේ කියලා. මේ සඳහා විවිධ ක්‍රම කිහිපයක්ම තියනවා. ඒ අතරින් Skype මෘදුකාංගය හරහා Desktop එක ආරක්ෂිතව වෙනත් අයකුට පෙන්විය හැකි ය. ඒ සඳහා මුළින්ම එම අදාළ පුද්ගලයා Skype Contacts තුළට ඇතුලු කර ගන්න. ඊට පස්සේ Call තුළින් Share Your Screen තුළ ඇති Share Full Screen තෝරා යන්න. එවිට අනෙක් පුද්ගලයාට අපේ Desktop එක දර්ශනය වේ. නමුත් ඒ තුළට විත් අනෙක් අනෙක් පුද්ගලාය අපගේ පරිගණකයට ඇතුලු වී කටයුතු කිරීමට හැකියාව නැත. ඒ සඳහා Remote Desktop භාවිතා කළ යුතු ය. එය කරන විදිය දැන ගන්න ඕන නම් ලැජ්ජ වෙන්නෙ නැතුව මෙතන ක්ලික් කරන්න.

හැමෝටම ජය වේවා...!!!
Comments
Post a Comment
මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......