පැන විසඳුම් මාලාවේ 1 වන අදියර

          හැමෝටම සුභ නත්තලක් වේවා.......!!!!!

        
           ඔන්න මම ඔයාලට අරගෙන ආවා ගොඩක් අය නොදන්න පුංචි පුංචි දේවල් ටිකක්. ඔය සමහර අය ගොඩාක් ලොකු ලොකු දේවල් දැන ගත්තට මොකද, මොන්ටිසෝරි ප්‍රශ්නයක් ඇහුවහම දිව හපාගෙන ඔළුව කසනවා.

1. SSD Hard Disk යනුවෙන් හැඳින්වෙන්නේ මොනවා ද?
අපි සාමාන්‍යෙයෙන් භාවිතා කරන්නේ කරකැවෙන තැටි පිහිටා ඇති, ඊට ඉහළින් කියවීමේ හා ලීවීමේ හිස් පිහිටා ඇති හාර්ඩ් ඩිස්ක්ය. මෙහිදී චුම්භක ක්ෂේත්‍රය නිසා දත්ත කියවීම සිදු වේ. මෙහි දී SSD Hard Disk (Solid State Drive) එකක් සිදු වන්නේ, ඉලෙක්ට්‍රොනික් උපක්‍රම භාවිතයෙන් මතකය (Volatile) රඳවා ගැනීමයි. මේවාට ඉතා වේගයෙන් දත්ත කියවීමට හැකිය. ඒ වාගේ මෙම හාර්ඩ් ඩිස්ක් මිළෙන්ද අධිකය.
2. TV එක හා Monitor එක අතර ඇති වෙනස කුමක් ද?
රූපවාහිනියේ සිරස් අතට (Horizontal) හා තිරස් අතට (Vertical) වර්ණ පෙන්වීම සඳහා කිරණ විදීමට පොදු සංඛ්‍යාතයක් භාවිතා වේ. නමුත් මොනිටරයේ සංඛ්‍යාත ප්‍රමාණයට වාඩා බෙහෙවින් අඩුය. එම නිසාම පික්සල් ප්‍රමාණය ද, අඩුය. මොනිටරයේ පික්සල් ප්‍රමාණය වැඩි නිසාම මොනිටරයේ දර්ශනය වන කුඩා අකුරු රූපවාහිනී තිරයේ දර්ශනය වීමේ දී අපහැදිලි වන්නේ ඒ නිසාය.
3. Root Kit Virus වල ඇති විශේෂත්වය කුමක් ද?
මෙය ට්‍රෝජන වර්ගයේ වැඩසටහනකි. Linux හා Windows මෙහෙයුම් පද්ධතිවල දී හොඳින් ක්‍රියාත්මක වේ. පරිගණකය ජාලයකට සම්බන්ධ කර ඇති විටකදී වැඩසටහන නිපඳ වූ තැනැත්තාට පරිගණකයේ සියලු පාලනය ලබා ගැනීමට හැකි වේ. ඒ වගේම මෙය මෙහෙයුම් පද්ධතියේ ගොනු අතර පිටපත් වෙයි. එම නිසා නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමට අපහසුය.
4. හාර්ඩ් ඩිස්ක් එකක් නැවත නැවත ෆෝමැට් හෝ පාට්ෂන් කරන එක හොඳයි ද?
එසේ සිදු කිරීමට හොඳ නැත. එවිට හාඩ් ඩිස්කයේ Surface Area හි අයුකාලය අඩු වේ. එම නිසා Bad Sectors ඇති වීමට පුළුවන.
5. පරිගණකයේ ඇති රොම් ඩ්‍රයිව් (ROM) එකේ යම් විදියකින් ට්‍රේ එක විවෘත වන්නේ නැති නම් එය පිටතට ගන්නේ කෙසේ ද?
මෙය ඉතා සරල උපක්‍රමයකි. හොඳින් බැලූ විට ROM එකේ ඉදිරිපස කුඩා සිදුරක් ඇත. ඒ තුළට සිහින් සවිමත් කම්බියක් දමා තද කළ විට ට්‍රේ එළියට එයි.





අදට එච්චරයි. ඉක්මණටම හමුවෙමු. අඩුපාඩු කියල යන්න අමතක කරන්න එපා.
 ජය ශ්‍රී......... 
                                                                                                                                                                                                               

  

Comments

  1. SSD වලට SSD Hard disk කියන එක වැරදියි..SSD වල කොහෙද disk තියෙන්නේ??? SSD කියන්නේ එකක්.. Hard Disk Drive එහෙමත් නැත්නම්බ HDD කියන්නේ තව එකක්..

    ReplyDelete
  2. ඔයාගේ කතාව මම පිළිගන්නවා. ඒ වුණාට මම මෙතන SSD කියල විතරක් කිවුවොත්, SSD (Solid-state drive) කියන එක මොකක්ද කියල ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. Hard Disk කියල කිවුවහම ඕන පොඩි එකෙක් ඒ ගැන දන්නවානේ. thanxxxx

    ReplyDelete
  3. ලිපිය බොහොම හොඳා . ඒත් 'පිස්කල්' නෙමේ, 'පික්සල්' නේද? හරි වචනේ.

    ReplyDelete

Post a Comment

මේ ගැන හිතෙන දෙයක් කොටල යන්න. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා......