අතේ ගෙන යා හැකි OS එක

            ඇත්තම කිවුවොත් මේ OS එක Linx පාදක වැඩසටහනකි. ඒ කියන්නෙ මේක සම්පූර්ණයෙන් ම නොමිලේ තමයි. මේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නට රැම් මතකය පමණක් තිබුනොත් හොඳටෝම ඇති මේ මෙහෙයුම් පද්ධතියේ ඇති විශේෂත්වයත් ඒකමයි. මේකෙ තිබෙන අනෙක් කැපීපෙනෙන විශේෂ ලක්ෂණය තමයි පෙන්ඩ්‍රයිව් එකක හෝ එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක දී මේ OS එක ක්‍රියාත්මක කරීමට හැකි වීමයි. 



          හැම වෙඩින් එකක්ම කිව්වා ඒ වුණට තාම මේකෙ නම කියන්න බැරි වුණානෙ. මේකෙ නම තමයි පෝටස් (Porteus). මේකෙ තියෙන්නෙ අඹරපු ෆයිල් එකක් ඒ කියන්නෙ කම්ප්‍රෙස් කරපු එකක් නිසා 300MB කින් ෂේප් කරල තියනවා. http://www.porteus.org/ මේ ලින්ක් එකෙන් මේක බාගන්න පුළුවන්.

         මුළින්ම පෝටස් පෙන්ඩ්‍රයිව් එකක හෝ එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක රැඳවා ගත යුතුය. ඊට පස්සෙ පහසුවෙන්ම බූට් කරවා ගත හැකිය. මේක බූට් වීමට ගත වන්නේ තත්පර 30-40 ක් වගේ සුළු කාලයකි. ලොග් ඕෆ් වීමටද, තත්පර කිහිපයකි ගත වන්නේ. පෝටස් ක්‍රියාත්මක වන්නේ ඉතා වේගයනි. වෙනත් මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාත්මක වෙන මෘදුකාංග මේ පෝටස් වල දී ක්‍රියාත්මක වෙද්දී ඉතා වේගයෙන් සිදු වේ. මෙහි මෘදුකාංග රඳවා ඇත්තේ සැනින් තොරතුරු ලබා දීමට සැදී පැහැදී සිටින ඒකක තුළ හෙවත් මොඩියුල තුළය. මොඩියුලයෙන් තොරතුරු දෙන්නේ ඉල්ලා සිටින විට පමණි. අනෙක් වෙලාවට ඒවා ක්‍රියාත්මක නොවේ. මේ උපක්‍රමය නිසාම පෝටස් තුළ වේගය වැඩි වී ඇත. ස්ලැක්වෙයා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය, ලිනක්ස් ලයිව් ස්ක්‍රිප්ට් තාක්ෂණය යොදා අලුත් කිරීමෙන් පෝටස් තනා තිබේ. මෙය කළින් හැඳින්වුයේ ස්ලැක්ස් රිමික්ස් (Slax Remix) කියාය. 

හැෝටම ජය ේවා......!!!
 

Comments