Microsft Office වලින් තැති වැඩ කරගනීමට එකතු කරගත හැකි මෙවලම්

      MS Office යනු අද ලෝකයේ ආයතන කාර්යාල, ලොකු කුඩා, කවුරුත් දන්නා වැඩ සටහනකි. ඒ වගේම අපගේ බොහෝ අවශ්‍යතාවයන්ටද විසඳුම් ලබාදේ. 


     නමුත් සමහර අවස්ථා වලදී MS Office මඟින් සමහර දෑ සිදු කර ගැනීමට අපට අපහසු වී ඇත. උදාහරණයක් ලෙස Acrobat Reader වැනි වැඩසටහනක් හරහා කියවීමට හැකි දත්තයන් ලෙස සැකසීම, භාවිතයෙහි යෙදෙන සංකේත හා සූත්‍ර කෙළින්ම යොදාගත නොහැකි විම. මේ අදී වශයෙන් උදාහරණ බොහෝ ගණනක් දැක්විය හැක. 

     එසේ නම් MS Office වැඩසටහනට තවත් මෙවලම් ඈඳා අපගේ  වැඩ තවත් පහසු කර ගන්නේ කේසේ දැයි බලමු. 

1. Save As or Print to PDF or XPS 

           MS Office වලට ඈඳා ගත හැකි මෙම මෙවලමෙන් දත්ත PDF හෝ XPS ආකාරයට දත්ත පරිවර්තනය කිරීමට යොදා ගත හැක.

2. Math Type Word
      
           මෙම මෙවලමෙන් ගණිතමය අංක සහ සූත්‍ර භාවිතා කීරීමට උපයෝගී වේ. 




3. Lookeen for Out Look 2003 සහ 2007

           මෙම වැඩසටහන Office වැඩසටහනට එකතු කිරීමෙන් විද්‍යුත් ලිපි හා දින පොත් වැඩසටහන් තබන Out Look වැඩසටහන විසින් සකස් කොට පරිගණකයේ ගබඩා කරන තොරතුරු පහසු වනු ඇත.


4. Search Command

            විශේෂයෙන්ම Office 2007 වල ඇති විශේෂ විධාන සහ විශේෂ පහසුකම් සඳහා භාවිතා කළහැකි Search Command එකකි. උදාහරණයක් ලෙස ඔබට කළ යුතු යම් කාර්යයක් කෙළින්ම දිස් නොවන විට එය කිරීම සඳහා Office වැඩසටහනේ කුමන tool එක හෝ කුමන පහසුකම භාවිතා කළ යුතුද යන්න සෙවීමට මෙම උපාංගය භාවිතා කළ හැක. 

5. MZ - Tool

           පරිගණක වැඩසටහන් සම්පාදනය කරන VB වැඩසටහන හරහා පරිගණක වැඩසටහනක් ලෙස Office හී පහසුකම් සලසා ගැනීමට මෙම උපාංගය office වැඩසටහනට ඈඳා ගත හැකිය. එනම් ක්‍රම ලේඛන සම්පාදන වැඩසටහනක් office හරහාම සාදාගත හැකි වීමයි.


6. Total Access Analyzer

            Office වැඩසටහනේ දත්ත විශ්ලේෂණ හා ගබඩා සඳහා සකස් කර ඇති Acces වැඩසටහන භාවිතයෙන් යම් දත්ත ගබඩාවක් සකස් වූ විට එම දත්ත ගබඩාව සැකසීමේ දී නොසලා හරින අංගයක් පිළිබඳ තොරතුරු එකතු කොට එම දත්ත ගබඩාව හරහා තොරතුරු සම්පාදනය කොට, ගබාගැනීමේ දී යම් දෝෂයක් ඇති විට එම දෝෂය ඇතිවූ කොටස පිළිබඳ භාවිතා කරන්නා දැනුවත් කීරීමට මෙම වැඩසටහනට හැකීයාව ඇත. 

7.  Simply VBA Global Error Handler

        VB වැඩසටහනකින් සකස් කරන ලද ලේඛණයක ඇති තාක්ෂණික දෝෂ හුවා දැක්වීම සඳහා මෙම වැඩසටහන භාවිතා කළ හැක.


8. Personal Folder Backup

          Outlook වැඩසටහන විසින් අපගේ විද්‍යුත් ලිපි, ලිපින ගබඩාව, කාලය වෙනස් කිරීමේ වැඩසටහන වැනි ඔබගේ කාර්යයන්, ජීවිතයට වැදගත් දත්තයන් PST ලිපි ගොනුවක් ලෙස ගබඩා කරනු ලබයි. යම් විදිහකින් එම ගොනුවට හානි පැමිණියහොත් ඔබගේ කර්යාල හෝ පුද්ගලික ජීවිතයේ වැදගත් තොරතුරු රාශියක් ඔබට අහිමි වනු ඇත. මෙම මෙවලම මඟින් එම PST ගිපි ගොනුව ස්වංක්‍රීයවම Backup වීමට සලස්වා ගත හැකිය.

9. Mail Merge For Power Point   

           Power Point වැසටහන සඳහා office වැඩසටහනේ අනිත් වැඩසටහන් වලින් දත්ත ගෙනහැර දැක්වීමට මෙම මෙවලමෙන් ඔබට හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන් power point ඉදිරිපත් කිරීමකදී Excel වලින් කරන වැඩසටහනක් ඈඳා ගත හැකි වැඩසටහනක් වේ. මෙම වැඩසටහන හරහා ඈඳා ගතහැකි අංගයක් වන්නේ රූප, චිත්‍රපට, ශබ්දය, හා බාහිරින් යොදාගත හැකි Text Files ය.

10. Narration Timing Tweaker

            Power Point වැඩසටහනේ දී ශබ්දය ඇතුළත් කොට ශබ්දයත් රූපයත් නියමාකාර ලෙස ගලායාම සඳහා Power Point ලිපි ගොනුවකට අවශ්‍ය ශබ්දය සංස්කරණය කිරීමේ දී නියම කාපයට එය ධාවනය වීම සඳහා මෙම උපාංගය භාවිතා කළ හැක.

11. Cross Eyes For Word

           Word වැඩසටහන යොදාගෙන ඉතා දිගු ලිපි පිළියෙල කිරීමේ දී ලිපියේ ඡේද හා පිටුවල හැඩය Fomatting දිගටම නිසියාකාර ලෙස පවත්වාගෙන යාම සඳහා භාවිතා කළ හැකි උපාංගයකි.

12. Microsoft Outlook SMS

          මෙය ඉතා විශේෂයකි දුරකතන වලට  SMS යැවිය හැකිය. මෙම වැඩසටහන ස්ථාපනය කිරීමෙන් පසුව ඔබේ පරිගණකයේ ඇත්තේ Outlook 2003 හෝ 2007 නම් එයට බොහෝ ජංගමදුරකතන වලට කෙටි පණිවිඩ යැවීමට පහසුකම් ඇත.



මෙම සෑම වැඩසටහනක්ම ඔබේ පරිගණකයට ස්ථාපනය කිරීමෙන් පසු කෙළින්ම දිස්වන්නේ නැත. Office වැඩසහනේ කුඩා අනුකාණඩයක් ලෙස office හි වැඩසටහන් වලට ඇඳෙනු ලැබේ. 



ජය ශ්‍රී...........


Comments